Land Line (+94) 252055250
Official Email [email protected]
Official FB Page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

  • Register
  • Login
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල ක්‍රීඩා නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය


අ/මකුලෑව මහා විද්‍යාලය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ තඹුත්තේගම අධ්‍යාපන කොට්ඨාසයේ තඹුත්තේගම ගල්නැව මාර්ගයේ තඹුත්තේගම සිට 8km පමණ දුරින් පිහිටා ඇති  පාසලකි.

1960 වර්ෂයේ සිසුන් 20 කින් පමණ සමාගම් පාසලක් ලෙස ආරම්භ කළ මෙම පාසැල 1961/07/10 දින රජයට පවරාගත් අතර පළමු වරට රජෙයේ ගුරුවරයෙකු ලෙස ජේ.ඩි.ඒ.රණසිංහ මහතා හා බි.හුලන්දාව මහත්මිය වැඩ භාරගෙන ඇත.පාසලේ ජේ්‍යෂ්ඨ උපගුරු ලෙස ජේ.ඩි.ඒ.රණසිංහ මහතා පත්ව ඇති අතර 1962 වසරේ ඒච්.එම්.ධර්මදාස මහතා විදුහලේ පළමු විදුහල්පති වශයෙන් පත්කොට ඇත.එදා සිට 1978/01/01 දක්වා විදුහලේ විදුහල්පතිවරුන්ගේ 09 දෙනෙකු සේවය කර ඇති අතර ගුරු මණ්ඩලය දෙදෙනෙකුට සිමා විය. එමෙන් ම ශිෂ්‍ය සංඛ්‍යාව  20ත් 37ත් අතර විය.

1972 වසරේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මකුලෑව  ප්‍රදේශයේ ක්‍රමයෙන් සංවර්ධන වන්නට වූ අතර ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි විය. 60*20 ප්‍රමාණයේ එක ගොඩනැගිල්ලක් ප්‍රමාණවත් නොවූ බැවින් 1980 වසරේ දී මකුලැව මහා විද්‍යාලය වර්තමානයේ පිහිටා ඇති භූමියට ගෙන එන ලදී. ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවත්ම ඊට සරිලන පරිදී ගුරුමණ්ඩලය ද වැඩිවූ  අතර 1992 වසරේදී පාසල මහා විද්‍යාලයක් ලෙස නම් කරන ලදී. 2011 වසරේදී මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ද්වීතීක පාසල් සංවර්ධන වැඩපිළිවෙලට යටතේ ද්වීතීක පාසලක් ලෙස සංවර්ධන වූ අතර පාසලේ පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම අත්හිටුවා 6 ශ්‍රේණි වලට අදාල පන්ති පවත්වාගෙන යන ලදී. මහින්දෝදය විද්‍යාගාරයේ ගණිතාගාරය හා රසායනාගාරය   භාවිතයට ගනිමින් උසස් පෙළ ගණිත විද්‍යා අංශ ආරම්භ කර 2014 වසරේදී 1AB ඛාණ්ඩයට අයත් පාසලක් ලෙස නම් කරන ලදී. විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ. හා උ/පෙළ ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතින අතර 2014 වර්ෂයේ පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කිරීමට හැකි විය. 2018 වසරේ දී පාසලේ මෙන් ම ප්‍රදේශයේ ජනතාවටද ගැටලුවක් ව පැවති පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් නඩත්තුව හා පාළනය සිදු වන ජල පෙරණයක් හා භූගත ජල පොම්පයක් සවිකර ගැනීමට හැකීවීම විශේෂයෙන් සදහන් කල යුතුය.

දිනෙන් දින දියුණුවට පත්වන මකුලෑව මහා වීද්‍යාලය 2021 වසරේ දී ජාතික පාසලක් ලෙස නම් කර සංවර්ධනය කි රීම පාසැල් ප්‍රජාව ලද විශාල ජයග්‍රහණයකි. ද්විතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමෙදී ප්‍රාථමික අංශය ඉවත් කල නමුත් ප්‍රදේශයේ පදිංචි සිසුන් මුහුණ පාන ගැටලු සැලකිල්ලට ගනිමින් 2022 වසරේ සිට නැවත විදුහලේ ප්‍රාථමික අංශය ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇත.

විද්‍යාලයේ වර්තමාන විදුහල්පති කේ.ගීතාල් මහතා විසින් අනාගත අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි ගුණවත් හා නැණවත් දරු පිරිසක් බිහි කිරීමේ කාර්යය වෙනුවෙන් විද්‍යාලයේ දූ දරුවන් හා ගුරු මණ්ඩලය මෙහෙයවනු ලබයි.

 

ආරම්භ කළ වර්ෂය

1960 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අ/මකුලෑව මහා විද්‍යාලය 

පාසල රජයට පවරාගත් දිනය

1961/07/10 
Makulewa M.V.

අ/මකුලෑව මහා විද්‍යාලය - හුරිගස්වැව

තඹුත්තේගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Makuwewa, Hurigaswewa.

: (+94)252055250

: [email protected]

Supported By

© 2026 Makulewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk