අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වැව්බැදි රාජ්‍යයේ රජරට පුරවරයේ අතීත රජ දරුවන් රාජ්‍ය කරවූ අනුරපුර එක් කෙලවරක පිහිටි කෙත් වතු සරු සාර කරමින් ගලා බසින කළා ඔය අසබඩ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදු පියසකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. තාක්ෂණ විද්‍යාගාර ආරම්භ වීමත් සමග 2014 වර්ෂයේ පාසලෙන්ම ඉවත් කරන ලද ප්‍රාථමික අංශය පාසල් ප්‍රජාවගේ ඉල්ලීම මත නැවත 2022 වසරේ සිට ආරම්භ කරන ලදී.







