1950 දශකයේ මකුලෑව ගම්පියසේ දරුවන්ට අකුරු කරවීම සදහා යාබද පාසලක් නොවූ අතර දරුවන් දුර බැහැරගෙවා දමමින් ගල්නෑව මහා විද්‍යාලය වෙත ප්‍රවාහන පහසුකම් දුෂ්කර වූ ඒ සමයෙහි දිනපතා යාමට සිදුවූ අතරක්‍රමයෙන් ප්‍රදේශයේ ජනගහනය වැඩිවෙත්ම කුඩා දරුවන් සදහා මකුලෑව ගම් පියසට පාසලක අවශ්‍යතාවතදින් දැනෙන්නට වූ අතර ප්‍රදේශවාසීන් එක්ව 1957 වසරේ දී පමණ විවිධ රාජ්‍ය අංශ හරහා සිදුකරන ලදඉල්ලීම් හරහා පාසලට සුදුසු භූමියක් වෙන්කරන ලදී.එක් කුඩා ගොඩනැගිල්ලක් සහිතව මුලින්ම ආරම්භ වූ මකුලෑව විදුහලෙහි ප්‍රථම නියමුවානන් වූ එච්.එම්. ධර්මසේන මහතාගේ කැපවීම මත සිසුන් 20 දෙනකුගෙන් යුතු ප්‍රථම සිසු පිරිස 1 ශ්‍රේණිය සදහාපාසලට බදවාගෙන පාසලක් ලෙස අත්‍යවශ්‍ය භෞතික සම්පත් ක්‍රමයෙන් සංවර්ධනය කරන ලදී. එම කාර්යසදහා පාසලේ ඉගැන්වීම් කටයුතු සදහා පැමිණි ප්‍රථම ගුරුවරයා ද උරදුන් අතර ඔහු පිළිබදව තොරතුරු පාසල්මූලාශ්‍ර වලින් සොයාගැනීම අපහසු විය.