අනුරපුර රජධහනේ සුපතල
මහවැලි ගොවිජන පද ලලනාහෙල
මුතුහර ඇමිණු තරු මිණ වී දුල
මහා විදුහල මකුලැව සුරන්ජන
ජය මග හෙළි කරනා... ඔබ අප උදානයයි...........//
සොදුරු කලා විදු නැණ සිළු දල්වා
සදාචාර ගුණ බරණින් සරසා
සුරපුර වැසියන් දැයට සදා දෙන
ශිල්ප නිකේතනයයි සිරි කැන්දන
ඔබ අප නැණ පහණයි
සුව දෙන සිතු රුවනයි .......
සපිරි දයා මුදු ඉදු ගුණ රදනා
පින්සර ගුරු මවු පිය හිත සෙවනේ
වැඩවා දැය මෙහෙවරට වරම් දෙන
සම්පත් නිධානයයි අභිනන්දන
කෙත් යස රැස් විහිදා
වොරැදේවා සැමදා .......//