නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය
මකුලෑව මහා විද්‍යාලය

මෑත දශකයේ ප්‍රදේශය තුල පාසලේ කීර්තිය ඉහලින් ඔසවා තැබීමට පාසලේ සිසුන්ගේ ජාතික විභාග ප්‍රතිළුලමෙන්ම කළාප පළාත් හා ජාතික මට්ටමේ ක්‍රීඩා, සෞන්දර්ය හා භාෂා තරග ජයග්‍රහන හේතු විය.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සදහා අවශ්‍ය යටිතලපහසුකම් ද පසුගිය සමයේ පාසලට ලැබී ඇති බැවින් පාසල් සිසුන් මෙන්ම ගුරුභවතුන් ද තොරතුරු තාක්ෂණය තමඅධ්‍යාපන කටයුතු පහසු කරැනීම සදහා යෙදාගැනීම ඉහල මට්ටමක පවතින මෙවන් සමයක අප පාසල සතුවපාසල් වෙබ් අඩවියක් නෙමැති වීම විශාල අඩුවක් බව මාගේ හැගීමයි. එම අඩුව සම්පූර්ණ කරමින් පාසල් වෙබ් අඩවිසංවර්ධන කණ්ඩායම විසින් පාසල සදහා සකස්කරනු ලබන වෙබ් අඩවිය වෙත මෙලෙස සුබපැතුම් එක්කරන්නටලැබීම සතුටට කරුණකි.